ගානියා බැනිස්ටර්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අවසන් නැති බව CIDය කියයි

පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු දේශීය නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම අවසන් කර නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ඇයගෙන් තවදුරටත් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව ඇති බවයි.

ඒ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී ඇතත් ඇය ඊයේ සහ පෙරේදා යන දිනවල දී දෙපාර්තමේන්තුව වෙත පැමිණ නොමැති බව වාර්තා වෙයි.

ගානීයා බැනිස්ටර් ප්‍රැන්සිස් නමැති අදාළ නිලධාරිනිය පළමු වරට පසුගිය ඉරිදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ඉන් අනතුරුව තවත් අවස්ථා කිහිපයකදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබාදෙනු ලැබුවේය.

මේ අතර අදාළ සිද්ධිය පිළිබදව රාජ්‍ය අමාත්‍ය එස්.බි.දිසානායක මහතා මහනුවර ප්‍රදේශයේ දී මෙසේ අදහස් පල කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *