සිමෙන්ති මිල පහළට

දේශීය සිමෙන්ති මිළ පහත දැමීමට රජය තීරණය කර ඇත.

එළඹෙන සතියේ සිට මෙරට නිෂ්පාදනය කරන සිමෙන්ති සහ විදෙස් රටවලින් සිමෙන්ති, තොග වශයෙන් මෙරටට ගෙනවිත් වෙළඳපලට නිකුත් කරන සිමෙන්ති මිල මෙලෙස පහත දමා ඇති බව සඳහන්.

ඒ අනුව කිලෝග්‍රැම් 50 ක සිමෙන්ති කොට්ටයක මිළ රුපියල් 100 කින් පහත දමා ඇති බවයි අභ්‍යන්තර, වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *