කේරළ ගංජා කිලෝ 11ක් සමඟ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගොත අසංක නැමැත්තාගේ සහයකයෙකු කේරළ ගංජා කිලෝග්‍රැම් 11කට අධික තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මඟින් සිදුකළ වැටලීමකදී දොම්පේ, මල්වාන ප්‍රදේශයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු රණාල නවගමුව සහ කඩුවෙල යන ප්‍රදේශවල අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බව අනාවරණය වී තිබේ.

ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 11යි ග්‍රැම් 753ක තොගයක් විශේෂ කාර්ය බලකා නිළධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා දොම්පේ පොලීසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *