Z-Score ක්‍රමවේදය වෙනස් කරන්න කැබිනට් අනුමැතිය

Z-Score ක්‍රමවේදය අනුව රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දැනට භාවිතා කරනු ලබන දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනම් කර ගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

සියලූම දරුවන් සඳහා සම සාධාරණ අධ්‍යාපන අවස්ථා ඇති කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් වුවත් වර්තමානය වන විටත් පළාත්, දිස්ත්‍රික්ක මෙන්ම පාසල් අතර ද අධ්‍යාපන ගුණාත්මකභාවයේ විවිධ විෂමතා පවතින බවට හඳුනා ගෙන තිබේ.

මෙම තත්ත්වය තුළ දැනට රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දිස්ත්‍රික් පදමින් කර ගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රවීණයන්ගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *