ගැමුණුගෙන් ඉල්ලීමක්

අර්ධ සුඛෝපභෝගී ලෙස හැඳින්වෙන බස් රථ සේවාව සඳහා නව නීති පැනවීමට රජය. ගත් තීරණය අගය කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු ඊයේ(11) අද දෙරණ කළ විමසීමකදී මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසීය.

“නිමල් සිරිපාලද සිල්වා අමාත්‍යවරයා ලෙස ඉන්න කාලයේ දිගින් දිගටම කිව්වා අර්ධ සුඛෝපභෝගී සේවාව අහෝසි කරන්න කටයුතු කරන්න කියලා. ගාස්තුව මෙන් එකහාමාරක අරගෙන ආසන සංඛ්‍යාවට පමණයි ගෙන ගිය හැක්කේ.

එක් පසක ආසන තුනක්, එක් පසක දෙකක තමයි මෙම බස් රථවල තියෙන්නේ. ඒ මදිවට බස් රථයේ හිටගෙනත් ගෙනියනකොට මගීන් තවත් අපහසුතාවයට පත්වෙනවා.

මෙ වැරදි සහගත ක්‍රියාවලියක්. අපි පසුගිය කාලය පුරාවට මෙය නවත්වන්න උත්සහ කරා. නමුත් බස් රථ හිමියන් දේශපාන බලපෑම් කරලා නවත්වන්න කටයුතු කරා.

ගෝඨභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මේ ගත්ත තීන්දුව අපි අගය කරනවා. තීන්දුව සෘජුව ක්‍රියාත්මක කරන්නනේ නම් ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමට ලෙස අපි එය අගය කරනවා.

බස් රථ 400යකට අසාන්න සංඛ්‍යාවක්. අර්ධ සුඛෝපභෝගී බස් රථ තියෙන්නේ ඒ බස් රථ සුඛෝපභෝගී බස් රථ විදිහට පරිවර්තනය කරන්න අවශ්‍ය සහනය ලබා දිය යුතුයි. එම බස් රථ සාමන්‍ය සේවාවක් බවට පරිවර්තය කළ හොත් සාමන්‍ය සේවා බස් රථ හිමියන්ට අසාධාරණයක් වෙනවා.“

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *