හෙරොයින් සමඟ 7ක් වැල්ලවායේ දී පොලිස් අත්අඩංගුවට

වැල්ලවාය පොලීසිය විසින් වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ සිදු කල වැටලීමක දී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දීර්ඝකාලීන සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවටද පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.

සැකකරුවන් ආනපල්ලම,බද්දෙලන්දයාය,කරදගොල්ල සහ මොනරාගල යන ප්‍රදේශවල පදිංචි පිළිවෙලින් වයස අවුරුදු දහඅට,විසිඑක,විසිතුන සහ විසිහය යන වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් හැට බැගින් ද අනෙක් සැකකරුවන් තිදෙනා සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් හැත්තෑව බැගින් ද තිබී ඇත.

සැකකරුවන් අද (12) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මේ පිළිබඳ විමර්ශන මොනරාගල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශයාමන්ත විජේසේකර මහතාගේ උපදෙස් හා නියෝග මත වැල්ලවාය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පො.ප.ටී.එම් රත්නායක සහ වැඩබලන ස්ථානාධිපති පො ප බුද්ධික විදානගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පො.සැ 6448 බණ්ඩාර,පො.කො 70582 දුල්ෂාන්,පො.කො 70449 නන්දන සහ පො.කො 96244 හේමන්ත යන නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *