සජිත්ගේ නායකත්වයෙන් එජාපය ඉදිරි මහ මැතිවරණ සටනට?

ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තරග කරනු ලබන්නේ පක්ෂ නායක. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් නොව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව බව එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.

ඊයේ (11) මාධ්‍ය හමුවක් කැදවමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේය.

දඹුල්ල ප්‍රදේශයේ පැවැති මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එමෙන්ම ඉදිරියේදී බෞද්ධ ඡන්ද වැඩි කරගැනීම සඳහා මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම දිවයින පුරා වෙහෙර විහාරස්ථාවලට ගොස් භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කරමින් තමන් බලයේ සිටි කාලයේ වෙහෙර විහාරස්ථාන වලට සිදු කළ සේවාව පිළිබඳව මතක් කර දෙමින් අලුත්ගම ගමනකට සූදානම් වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එමෙන්ම බැඳුම්කර වංචාව පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ බැඳුම්කර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ සැනින් එම අයගේ රදවාගෙන ගෙන ඇති මුදල් මහ බැංකුවට ලබාදීමෙන් මෙය විසඳීමට හැකි වන බව ය.

එහෙත් තමන් සිදුකරන ප්‍රකාශ ජනමාධ්‍ය මගින් එළියට එන්නේ නැති බවට ද හෙතෙම චෝදනා කළේය.

එමෙන්ම ඉදිරියේදී භාන්ණ්ඩ රැසක මිල වැඩිවෙන බවත් රාජ්‍ය සේවකයන්ට අසාධාරණකම් රැසක් සිදුවන බවට ද හෙතෙම මෙහෙ මෙම මාධ්‍ය හමුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කිරීම ද විශේෂත්වයකි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *