අවුන් සාන් සුකී ජාත්‍යන්තර අධිකරණයට

රොහින්ග්‍යා සරණාගත ගැටලුව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා මියන්මාර නායිකා අවුන් සාන් සුකී හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය හමුවට පැමිණීමේ සූදානමින් පසුවෙයි.

රොහින්ග්යා සරණාගත ගැටලුව මූලික කරගෙන ඉදිරිපත් වූ අභියාචනාවකට මුහුණදීම සදහා මියන්මාර නායිකා අවුන් සාන් සුකී සූදානමින් පසුවෙයි.

අදාළ නඩුව විභාග කෙරෙන්නේ, නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය හමුවෙයි.

අවුන් සාන් සුකී මෙහිදී රට වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිතයි.

මියන්මාර නායිකාවට සහාය පළකරමින් රටපුරා ස්ථාන රැසක රැලි පැවැත්වෙයි.

ජනතාව පවසන්නේ මෙම චෝදනා සම්බන්ධ සිය රජය නිර්දෝෂ බවයි.

මුස්ලිම් ආගමිකයන් වන රොහින්ග්යා සරණාගතයන් ඝාතනය කර පළවාහැරීම එනම් වාර්ගික සමූල ඝාතනය මියන්මාර රජයට එල්ලවී ඇති චෝදනාවයි.

මෙම පළවාහැරීම් අතරතුර රොහින්ගියාවරුන් දහස් සංඛ්‍යාත පිරිසක් ඝාතනයට ලක්ව ඇති බවට පැමිණිල්ල පවසයි.

එමෙන්ම ඔවුන් පෙන්වාදෙන්නේ මියන්මාර බෞද්ධ රජය හමුදාවේ සහාය ලබමින් රොහින්ග්යාවරුන් ලක්ෂ 7ක් පමණ බංග්ලාදේශයෙන් පළවාහැර ඇති බවයි.

එහෙත්, මියන්මාර රජය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, මෙම සිදුවීම් මාලාව කිසිසේත් වාර්ගික සමූල ඝාතනයක් නොවූ බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *