ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සිද්ධිය සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික පියවර ගන්නවා-දිනේෂ්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිළධාරිනියක් පැහැරගෙන යාමේ සිද්ධිය. සම්බන්ධයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඔහු පවසන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ස්විට්සර්ලන්ත තානාපතිවරයා කිහිප වරක්ම විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවූ බවයි.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසීය.

පැහැරගැනිමට ලක්වූ බව පැවසෙන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් නමැත්තිය ඊයේ (10) දිනයේ දෙවන වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 05කට අධික කාලයක් ප්‍රකාශ ලබාදී තිබේ.

මෙතෙක් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී, ඇය සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ලබාදුන් ප්‍රකාශ අතර පරස්පරතාවක් පවතින බවට අනාවරණ වී ඇති බව සදහන්.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ මුල් පැමිණිල්ලට අනුව කොළඹ 07 පිහිටි පාසලක් අසලදී මෙම පැහැරගැනීම සිදුව ඇතැයි සඳහන් වුවද අදාළ කාන්තාව මේ වන විට හෙළිකර තිබෙන්නේ බම්බලපිටියේ ගුරුවරියකගේ නිවසකට ගිය අවස්ථාවේ තමන් මෙම සිද්ධියට මුහුණ පෑ බවයි.

එමෙන්ම පැහැරගැනීම සුදු පැහැති වාහනයකින් සිදුවූ බවට හඟවා තිබුණද ඇය එදින ගමන් ගනිමින් සිටි රතු පැහැති වාහනයෙන්ම නිරුපද්‍රිතව මාළිගාකන්දේ පිහිටි නිවසට ගිය බව සාක්ෂි මගින් අනාවරණය වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *