කල්පිටියෙන් රන්කිලෝ 10ක් අත්අඩංගුවට

කල්පිටිය කුඩාව වෙරළ තිරයෙදී අද ( 10 ) අලුයම රත්‍රන් කිලෝ 10 ක් සමග සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය කුඩාව , පුදුකුඩුරිප්පු , කුරිඤඤංපිටිය ඇතුළු ප්‍රදේශ වල පදිංචි සිංහල සැකකරුවන් තිදෙනෙකු හා මුස්ලිම් ජාතිකයකු බව කියයි.

ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ධිවර යාත්‍රාවකින් ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබු මෙම රත්‍රන් කිලෝ 10 ලැබුණ තොරතුරක් මත 10 දින අලුයම අත්අඩංගුවට ගැණුන බව කල්පිටිය පොලීසිය කියයි.

අත්අඩංගුවට ගැණුන රත්‍රන් තොගයේ වටිනාකම තවමත් තක්සේරු කර නැති බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් සිවු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *