රනිල් වෙනුවට සජිත් පත්කරාම එජාපයට ඡන්දේ දෙයිද?-ගම්මන්පිල

මෙරව ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය පරාජය වීමට හේතු වු පුද්ගලයින් තවදුරටත්. පක්ෂය තුළ තබාගන්නේ නම් ඔවුන්ට ඉදිරි මහ මැතිවරණයේදී ද එම ප්‍රතිඵලයම හිමි වන බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

අද එම පක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

” සජිත් දිගු කාලයක් ලොකු සටනක් කරලා තමයි මේ විපක්ෂ නායක ධුරය ලබා ගත්තේ.

ඒ නිසා චිරාත් කාලයක් විපක්ෂ නායක ධුරයේම රැඳී සිටීමට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

මේ ප්‍රාර්ථනාව කරන්නේ කුහක හිතකින් නෙවෙයි. ඉතාම සත් භාවයෙන්.

ඒ වගේම එජාපයට වැලඳී ඇති සියලු සන්නි, ව්‍යාධි සියල්ලටම පිළියම ලෙස එජාප නායකත්වය රනිල්ගෙන් ගලවලා අරගෙන සජිත්ට ලබා දිය යුතුයි කියලා එජාපයේ දෙවන පෙළ හඬ නඟනවා.

දැන් සජිත් පත් කරාම රටේ ජනතාව එජාපයට ඡන්දේ දෙයිද?

පසුගිය ජනාධිපතිවරණයේ දීත් ඔය කතාවම කිවුවා.

මහා සටනක් කරලා සජිත් ප්‍රේමදාසට අපේක්ෂකත්වය දුන්නා. ප්‍රතිඵලය රනිල් පැරදුනාටත් වඩා කුජීත විදිහට සජිත් පැරදුණා.

එක්සත් ජාතික පක්ෂය සිංහල විරෝධී, බටහිර ගැති ප්‍රතිපත්තිය වෙනස් කරගන්නේ නැතිනම්, බෙදුම්වාදීන්, අන්තවාදීන් වටකරගෙන සිටියොත් මෙතෙක් කල් රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ එජාපයට ලැබුණු ප්‍රතිඵලයම සජිත් ප්‍රේමදාස මහතා යටතේ ලැබෙනවාමයි.”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *