සජිත් එජාපයේ නායකයා වෙනවා නම් සතුටුයි-රාධක්‍රිෂ්ණන්

ඉදිරි මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ වදිනවාද යන්න. පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව දෙමළ ප්‍රගතිශීලි පෙරමුණ පවසයි.

තලවාකැලේදී ඊයේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධක්‍රිෂ්නණ් මහතා මේ බව ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරයට යෝජනා කිරීම සතුටට කාරණයක් බවත් එසේම මහමැතිවරණයට පෙර සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායක තනතුරට පත්වේ නම් එයද සතුටුදායක කරුණක් බවත් ඒ මහතා කියා සිටියේය.

එසේම ඉදිරි මැතිවරණයේ දී ජනතාවගේ පාර්ශවයෙන් සිතා බලා කුමන පක්ෂයට සහාය දක්වන්නේද යන්න තීරණය වනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *