ජනතාව සැබෑ විපක්ෂයේ වගකීම ජාතික ජන බලවේගයට පවරයි-නලින්ද

ඉදිරි මහමැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව තුළ සැබෑ විපක්ෂයේ කාර්යභාරය සිදුකරනු. ලබන්නේ ජාතික ජන බලවේගය විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කලුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අද වන විට රටට අවශ්‍ය වන්නේ ආණ්ඩුවේ සියලු කටයුතු විවේචනය කරන විපක්ෂයක් නොව සඵලදායි විපක්ෂයක් බවයි.

මේ නිසා සැබෑ විපක්ෂයේ වගකීම ඉටු කිරීම වෙනුවෙන් ජනතාව ඉදිරි මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට සහාය දක්වනු ඇති බවත් ඒ මහතා පැවසීය.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව ජනතාව තැබු විශ්වාසය රැකගනිමින් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *