ස්විස් තානාපති කාර්යාලයේ සිදුවීම දන්න එකම ලාංකිකයා රාජිත-අමරවීර

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීමට ලක්වූ බව. කියන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දන්නා එකම ශ්‍රී ලාංකිකයා පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

තිස්සමහාරාමයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එසේම සිදුවීම සම්බන්ධව රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්න කිරීම අත්‍යාවශ්‍ය බවත් කෙසේ වෙතත් මෙම සිදුවීම රට අපකීර්තියට පත් කිරීමට සිදු කරන රඟ දැක්වීමක් බවත් ඒ මහතා පවසයි.

මේ පිළිබඳව ජාත්‍යාන්තරය දැනුවත් කරන බවත් මෙම සිදුවීම පිළිබඳ අසත්‍ය මත පල කිරීමට තානාපති කාර්යාල නිලධාරීන් සම්බන්ධ වේ නම් ඔවුන්ට එරෙහිවත් අවශ්‍ය කටයුතු රජයක් ලෙස සිදු කරන බවත් අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *