ජා-ඇළ පොලීසියේදී වෙඩි වැදීමකින් කාන්තාවකට තුවාල

ජා-ඇළ පොලිස් ස්ථානය තුළදී සිදු වූ වෙඩි වැදීමකන් කාන්තාවක් තුවාල ලබා තිබේ.

පොලිස් නිළධාරියෙකු විසින් ගිනිඅවියක් පරික්ෂා කරමින් සිටි ඇති අතර එහිදී එම එම ගිනි අවිය ක්‍රියාත්මක විමෙන් කාන්තාවට වෙඩි වැදී ඇති බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගෙන රඳවා සිටි සැකකරුවෙකුගේ බිරිඳකට මෙලෙස වෙඩි වැදී ඇති බව සඳහන්ය.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ජාල ඇළ ප්‍රදේශයේම පදිංචි 21 හැවිරිදි එක්දරු මවකි.

වම් පාදයට වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සදහා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *