මිරිහානේ විදෙස් රැදවියන් සිටි මධ්‍යස්ථානයක විශේෂ සෝදිසියක්-බඩු ගොඩක් අල්ලයි

ආගමන විගමන නීති උල්ලංගන කරමින් මෙරටට පැමිණ සිටියදි අත්අඩංගුවට ගත් විදේශිකයන් රඳවා ඇති කොළඹ මිරිහාන ප්‍රදේශයේ පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ අද (05) විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත.

එහිදි එම විදේශිකයන් සතුව තිබි ජංගම දුරකථන 75ක්, ලැප්ටොප් පරිඝණක 5ක් සහ රුපියල් 15,6000ක් පොලිස් බාරයට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ගායන් මිලින්ද මහතා අද දෙරණට ප්‍රකාශ කළේය.

පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ෂණ හා බුද්ධි අංශ නිලදාරින් 40ක් පමණ එකතුව මෙම වැටලීම සිදු කර තිබේ.

මෙම රැඳවුම් මධ්‍යාස්ථානයේ විදේශිකයන් 118දෙනෙක් සිටින බවත් එයින් 55දෙනෙකු නයිජීරියන් ජාතිකයන් බවත් ගායන් මිලින්ද මහතා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *