සහරාන් සමඟ සම්බන්ධතා පැවැත්වු සැකකරුවන් 64 ක් යළි රිමාන්ඩ්

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තව්හිද ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතා. ඇති බවට සැකපිට අත් අඩංගුවට ගත් 64 දෙනෙකු එළඹෙන 19නක දා දක්වා (19.12.2019) රක්ෂිත බන්ධනාගත කිරීම් දීර්ඝ කර තිබේ.

මෙම සැකකරුවන් අද (05) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මඩකලපුව මහේස්ත්‍රාත් ඒ. සී. රිස්වාන් මහතා මෙම නියෝග ලබා දුන් බව වාර්තාවේ.

නුවරඑලිය හි ඇති ජාතික තව්හිඩ් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැක පිට මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් කාත්තාන්කුඩි හි පදිංචිකරුවන් බව වාර්තා වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *