හෙරොයින් සමඟ 3ක් අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරෝයින් ළඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, පොලීස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව පුත්තලම, සිනමන්දලුව ප්‍රදේශයේ පිහිටි නිවසක් පරික්‍ෂා කිරීමේදී නිවස තුල තිබි හෙරෝයින් ග්‍රෑම් 22 මිලිග්‍රෑම් 410 සොයා ගැනීමට සමත් වූ අතර, එහිදී නිවසේ සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34, 40 සහ 46 වන වියෙහි පසුවන මදුරන්කුලිය සහ සෙම්මාන්දලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම සැකකරුවන්, සහ මත්ද්‍රව්‍ය තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම, පෙලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *