ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධිය ගැන සත්‍ය කඩිනමින් හෙළි කරන බව නියෝජ්‍ය පොලිස්පති කියයි

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සිද්ධිය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු. කඩිනමින් විමර්ශනය කර හෙලි කිරිමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ අදාල සිද්ධියට මුහුණදුන් බව කියන කාන්තාවගෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලබා ගැනිමට නොහැකි වීම සිය පරික්ෂණ කටයුතුවලට බාධාවක් වී ඇති බවයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු අනුව මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලදී පැහැර ගැනිමේ සිදුවිමක් පිළිබඳ කිසදු සාක්ෂියක් ලැබී නොමැති බව අජිත් රෝහණ මහතා පවසයි.

ටී.වී දෙරණ ඔස්සෙ විකාශය වූ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක්වෙමින් අජිත් රෝහණ මහයතා මෙම අදහස් පල කළේය.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (04) පස්වරුවේ විදේශ තානාපතිවරු දැනුවත් කිරිමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *