ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක්

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් අද(19) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී අද රාත්‍රී 7.00ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතයි.

ඒකාබද්ධ විපක්ෂය ඉදිරියේ දී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

නව රජයක් පිහිටුවීම පිළිබඳව මෙන්ම පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයකට යාම පිළිබද මෙහිදි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂවල අදහස් ලබාගැනීම සිදුවනු ඇති.

ජනාධිපතිවරණයෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් හමුවන පළමු අවස්ථාව මෙය වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *