රිෂාඩ් බදියුදීන් නව ජනපතිට සුබ පතයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7වන විධායක ජනාධිපතිවරයා වශයෙන් රටේ බහුතර ජනතා මතයෙන් තේරී පත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, තමන්ගේ ජනතාවගේ සුභාශිංසන පිරින බවට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

නිවේදනක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම, සමස්තශ්‍රී ලාංකීය ජාතීන් අතර සාමය, සමගිය, සංහිඳියාව, විශ්වාසය හා ආරක්ෂාව ඇතිවන ආකාරයෙන් අභිනව ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි තමන් තරයේ විශ්වාස කරණ බවද ඔහු පවසයි.

රටක් ලෙස අප මුහුණ දෙන අභියෝගයන් ජය ගැනීම සඳහා සියලු ජාතීන් එකාවන්ව, සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන් එම අභියෝගයන්ට මුහුණ දී රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යාමට අභිනව ජනාධිපතිවරයාට ශක්තිය ධෛර්ය ලැබේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවද ඔහු එම නිවේදනයේ සඳහන් කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *