මැතිවරණයේ ආරක්ෂාවට පොලීසියේ 60175ක් සීරුවෙන්

ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 60,175ක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් 8080ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද යෙදවීමට පියවර ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව අද දෙරණට පැවසීය.

2019 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට(16) පෙරවරු 07.00සිට පස්වරු 5.00 දක්වා පැවැත්වෙයි.

මැතිවරණ කොමෂණ් සභාව සඳහන් කළේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හා ඡන්ද මධ්‍යස්ථාන සූදානම් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

දිස්ත්රික් තේරීම්භාර නිළධාරීන් වෙතින් මැතිවරණ මෙහෙයුම් කාර්යාලවල සිට ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙනු දක්නට ලැබුණි.

රටපුරා ඡන්ද මධ්‍යස්ථාන වලට බෙදා හැරීම සඳහා ඡන්ද පෙට්ටි 12845ක් බෙදා හැර ඇති අතර ඉන් ඡන්ද පෙට්ටි 12350ක්ම ඝන කාඩ්බෝඩ්වලින් තැනූ ඒවා වෙයි.

ඉතිරි ඒවා සඳහා ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි යොදා තිබේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබුණු පසු ග්‍රාම නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පෙරහුරුවක්ද පැවැත්වෙන බවයි.

2018 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ජනාධිපතිවරණය සදහා ඡන්ද දායකයින් එක්කෝටි 59 ලක්ෂ 92,096 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

එම සංඛ්යායව පසුගිය 2015 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරිමට සුදුසුකම් ලබා තිබූ ඡන්ද දායකයින් සංඛ්‍යාවට වඩා නවලක්ෂ 47,606ක වැඩිවිමක්.

ඔවුන්ගෙන් හැදුනුම්පත් නොමැති ලක්ෂ 02ක පිරිසකට පුද්ගලයින් ලියාපදංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් තාවකාලික හැදුනුම්පත් සකස් කර තිබේ.

එම හැදුනුම්පත් මැතිවරණ කොමිෂන් සභාවට භාරදී ඇති අතර ඒවා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් හරහා ග්‍රාම නිලධාරීන් වෙතින් ලබාගත හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පැවසුවේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *