මහින්දගෙන් පැහැදිලි කිරීමක්

වර්තමාන ආණ්ඩුවට දිනෙන් දින ඇති වූ අර්බුද නිරාකරණය කර ගැනීමට නොහැකි වූයේ ජනාධිපති සහ අගමැති අතර අන්‍යොන්‍ය අවබෝදයක් නොතිබීම නිසාවෙන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වසර තිහක් පැවති ත්‍රස්තවාදී යුද්ධය වසර තුනහමාරක් වැනි කෙටි කාලයක් තුළදී අවසන් කොට රට වේගවත් සංවර්ධණයකට ගෙනයාමට හැකි වූයේ එවකට ආරක්ෂක ලේකම් සහ තමා අතර තිබූ සහෝදර බැඳීම නිසා බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද(13) පෙරවරුවේ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායකවරයා නිල නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාණාවේ සාමාජිකයින් හමු වූ අවස්ථාවේදීය.

ඉදිරි දින කිහිපය තුළදී පිහියුවනු ලබන රජයක් යටතේ විධායකයන්, ව්‍යාවස්තාදායකයන් අතර කිසිදු ගැටළුවක් ඇතිවීමට ඉඩක් නොමැති බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

Sharing is caring!

One comment on “මහින්දගෙන් පැහැදිලි කිරීමක්

  1. අනේ මහින්ද මහත්තයෝ ඔයා ⁣ඔහොම එක එකාගේ ලනුකාලා සවුත්තු වෙන්න එපා අපි ඔයාට ආදරේයි අවංකවම. පැත්තකට වෙලා ඉන්න. ඔයාව unp කාරයොත් දෙවිකේනේකට වගේ සලකනවා. ඔයා ජාතික විරයේක්. ඔයා ජාතික සංකේතයක්. සවුත්තු කරගන්න එපා ඒ imege එක. අපි එකට ආදරේයි. ඔයාව නේමෙියි අපි එදත් පරාද කලේ අදත් පරාද කරන්නේ ඔයාව නෙමේයි ඔයාගේ වටේ ඉදපු ඉන්න කට්ටියවයි. එයාලාව දලා එන්න පිටියට මේ මුලු ලංකාවම එදාට ඔයත් එක්ක.ඔයා තේරැම් නොගන්න මේ මහා පොලවේ ඇත්ත සත්‍ය යාථාර්තය ඔකයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *