අන්තවාදය පතුරවනවාට අපි කවුරුත් කැමති නෑ-බදියුදීන්

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට උදව් කරන පිරිස් ත්‍රස්තවාදයට හා අන්තවාදයට හවුල් බවට චෝදනා කර, ඔවුන් දේශපාලනයෙන් ඉවත් කරවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පසුගියදා මුලතිව් ප්‍රදේශයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සදහා වූ ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව පැවසීය.

“සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර බේදයක් ඇති කරවන්න උත්සාහ කරනවා. මේ ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මැතිතුමාට උදව් කරන පිරිස ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගහනවා. ඔවුන්ව අන්තවාදයට සම්බන්ධ කරවා බොරු ප්‍රකාශ ගෙන යනවා.

මෙතන ඉන්න රවුෆ් හකීම් ඇමැතිතුමා වෙන්න පුළුවන්, විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීතුමිය වෙන්න පුළුවන් මේ අපි කවුරුත් කැමති නෑ මේ රටේ අන්තවාදය ත්‍රස්තවාදය පතුරවනවාට. මේ රටේ අන්තවාදය හා ත්‍රස්තවාදය තුරන් කරන්න අපි සියළු දෙනාම එකතු වෙලා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන්න තීරණය කරලා තිබෙනවා.

එතුමාව ජනාධිපති කරලා එතුමාගේ නායකත්වයෙන් මේ රට ගොඩනැගීමේ කටයුත්ත කරන්න අපි සියළු දෙනාම කැමතියි කියලා මම කියන්න කැමතියි. ඒවගේම මම නැවත නැවතත් කියන්න කැමතියි මේ රට බෙදා වෙන් කරන ගිවිසුම් වලට අපි කැමති නෑ. මේ රට තුල දෙමල, මුස්ලිම්, සිංහල ජනතාව එකට එක පවුලක් වශයෙන් ජීවත් වෙන්න ඕනා.

මේ රටේ ත්‍රස්තවාදය අන්තවාදය වපුරා රට විනාශ කරන වැඩපිළිවෙලට අපි විරුද්ධයි. මේ ලස්සන රට බලන්න සංචාරකයෝ මේ රටට එන්න ඕනා. ඒකට මේ රට තුල සාමය, සමගිය, සහජීවනය තියෙන්න ඕනේ.

සංචාරකයෝ එනකොට තමයි මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්නේ. කිසිම කොන්දේසියක් නොමැතිව මේ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙලට සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ඇතුළු දෙමල පක්ෂ කැමැත්ත පළ කරලා තියෙනවා.“

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *