2012 දී කාන්තාවක් හා තරුණයෙක් ඝාතනය කළ අයෙක්ට මරණ දණ්ඩනය

කටුවන පොලිස් වසමේ හැඩිවත්ත ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකට පැමිණ සිටි පිරිසකට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට පුද්ගලයෙකුට මරණීය දණ්ඩනය නියම කර තිබේ.

වයස අවුරුදු 50ක් වන ගම්බාර ගෙදර, තල්වත්ත, කටුවන ලිපිනයේ පදිංචි එදිරිමාන්නගේ මාලනී නැවති කාන්තාව හා වයස අවුරුදු 18 ක් වන කිරිපිටියේ ගෙදර, හැඩිවත්ත,කටුවන ලිපිනයේ පදිංචි ජයසේකර පතිරණගේ නිමන්ත හේෂාන් යන අය මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 2012.06.15 වන දිනයි.

මෙම ඝාතනය කිරීමේ අපරාධයට අත්අඩංගුවට ගෙන සිටි සැකකරු සම්බන්ධයෙන් තංගල්ල මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වු නඩුවක තීන්දුව ලබා දෙමින් ඊයේ(07) දින මෙම චුදිතයාට මරණීය දණ්ඩනය නියම කර ඇත.

මෙසේ මරණ දණ්ඩනයට නියම වී ඇත්තේ වයස අවුරුදු 49 ක් වු පින්න කොරටුව, මල්හේවගේ අයින, ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි ජුලම්පිටියේ අමරේ හෙවත් ගීගනගේ අමරසිරි නැමැත්තෙකි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *