මංගලගම දී වන අලි පහරින් පුද්ගලයෙක් මරුට

මංගලගම පොලිස් වසමේ කොහොඹගස්තලාව ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ(07) රාත්‍රී 10 ට පමණ මෙය සිදුව තිබේ.

වන අලියා පහර දීමෙන් බරපතළ තුවාල ලැබු පුද්ගලයා ගොනාගොල්ල රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවට මංගලගම පොලීසියට තොරතුරු ලැබී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 59 ක් වු 24 කණුව, මංගලගම ලිපිනයේ පදිංචි වෑදිවෙල මුදියන්සේලාගේ නන්දසිරි නැමැති අයෙකි.

මෘත ශරීරය ගොනාගොල්ල රෝහලේ තැන්පත් කර ඇත.

මංගලගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *