පාදුක්කේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේ අවන්හලක් තුළ සිට පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඊයේ(07) රාත්‍රි 09ත් 09.30ත් ත් අතර කාලයේදි මුහුණු ආවරණ සහිත හිස් වැසුම් පැළඳ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි වැදුණු පුද්ගලයා පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ගලගෙදර සමනළ මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *