තියුණු ආයුධයකින් පහරදී පුද්ගල ඝාතනයක්

අංක 177 , ධර්මපාල මාවත , කොළඹ 2 ලිපිනයේ පිහිටි නිවසක් තුළ ඊයේ (5) රාත්‍රි 9.15ත් රාත්‍රි 9.40 ත් අතර කාලයේදි නිවසක් තුළ තිබි පිහියෙන් තියුනු ආයුධකයින් පහරදී කළ ඝාතනය කළ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වි ඇත.

මෙම සිදුවිම පිළිබඳව 119 පොලිස් දුරකථන හදිසි අංකයට ලද තොරතුරක් මත කොම්පඥ්ඥවිදිය පොලීසිය විසින් පරික්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ අංක 80/5 දෙවන පටුමග , අතුරුගිරිය ලිපිනයේ පදිංචි පදිංචි වයස අවු. 49ක් වන ගලබඩආරච්චිගේ මනෝජ් සුදර්ශන පෙරේරා යන අයයි.

මෙම සිද්ධියට අදාළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වි නැත.

කොම්පඥ්ඥවිදිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *