ගංජා කිලෝ 6ක් සමඟ පුත්තලමදී කාන්තාවක් අත්අඩංගුවට

ගංජා කිලෝ ග්‍රෑම් 06 යි ග්‍රෑම් 100 ක් සමඟ කාන්තාවක් පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(04) සවස පුත්තලම – පාලාවිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ පාලාවිය – කල්පිටිය පාර පදිංචිකාරියක වන 38 හැවිරිදි කාන්තාවක්.

සැකකාරියගේ නිවසේ ගංජා තොගයක් සඟවා ගෙන සිටින බවට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.

සැකකාරිය සහ ගංජා තොගය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *