හොරණ දී සිදුවු රිය අනතරින් 19 හැවිරිදි තරුණයෙක් මරුට

හොරණ පොලිස් වසමේ වගවත්ත ටයර් කම්හල පිවිසුම් මාර්ගයේ ටයර් කම්හල දෙසට ධාවනය වු යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව අනතුරක් සිදුව ඇත.

මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කණුවක ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු ‍හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ඊයේ(04) රාත්‍රී 11.25 ට පමණ මෙම අනතුර සිදුව තිබේ.

මෘත ශරීරය මේ වන විට හොරණ රෝහලේ තැන්පත් කර ඇත.

හොරණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *