මැණිකක් පෙන්නා ලක්ෂ 14ක් කොල්ල කෑ සැකකරු අත්අඩංගුවට

කඳාන ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 14ක මුදලක් කොල්ලකා පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්දුව පිටවීමේ දොරටුව අසල දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

පසුගිය මස 05 වන දින කඳාන ප්‍රදේශයේ නිවසක දී මැණික්ගලක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු සතුව තිබු රුපියල් ලක්ෂ 14ක මුදලක් කොල්ලකා ජීප් රථයකින් පළායාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙන් හය දෙනෙකු මීට පෙර අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු මුදල් කොල්ලකෑම සඳහා පැමිණි ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 41 හැවිරිදි බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවන අතර ඔහු අද (29) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *