විශේෂ කාරක සභා වාර්තාව පක්ෂග්‍රාහීයි-මහින්ද

පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පක්ෂග්‍රාහී බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද(24) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

අද පෙරවරුවේ මහනුවර ඵෙතිහාසික ශ්‍රි දළදා මාලිගාව වෙත පැමිණි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

අනතුරුව මල්වතු මහා විහාරයට ගිය විපක්ෂ නායකවරයා මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දුටුවේය.

මහින්ද රාජපක්ෂ මහතා අස්ගිරි විහාරයට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නා හිමි බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි.

මෙහිදී පූජ්‍ය මුරුත්තදෙණියේ ධම්මරතන හිමි “මහියංගණයේ 18 වංගුවේ යනවා කියන්නේ වෙනම ගමනක්නේ. ඔබතුමාට පිංසිද්ධ වෙන්න අද ඒ පැත්තේ මිනිස්සු බොහොම පහසුවෙන් තමන්ගේ කටයුතු කර ගන්නවා.ඉස්සර අපිට මතකයි ඒකේ වාහන යනකොට “ යනුවෙන් පැවසීය.

මෙහිදී ඇති වු සුහද කථා බහ පහතින් දැක්වෙයි.
ටිකිරි රත්නායක – රන්දෙණිගල හරියෙන් පලු දෙක ගැලවිලා

මහින්ද රාජපක්ෂ මහතා – අධිවේගි මාර්ගයත් ගැස්සෙනවා සමහර තැන්වල.

පූජ්‍ය මුරුත්තදෙණියේ ධම්මරතන හිමි – නැවත කාපට් කරන්න ඕන නේද?

අපිට තියෙන ලොකුම ගැටළුව තමයි නුවර ඉඳලා කොළඹටයි…නුවරටයි යන්න එන්න තියෙන අපහසුතාවය

මහින්ද රාජපක්ෂ – දැන් නුවරට එන්න එන්නෙ නැහැනේ. කුරුණෑගලට විතරක් එනවයි කියලයි කියන්නේ. කුරුණෑගලට එන්නත් අර එහා කොනෙන් ඉඩදීලා නැහැ. මැද ටිකක් දීලා තියෙනවා.

දැන් මට කිව්වා බිලියන 1.1යි කියන්නේ මහ විශාල ගාණක් කියලා. දැන් මෙයාලා 7 දශම ගාණක් ද, කීයක්ද මම දන්නේ නැහැ. මේක හය ගුණයක්ද කොහෙද වැඩි කරලා

පූජ්‍ය මුරුත්තදෙණියේ ධම්මරතන හිමි – කරගන්න දෙයක් කරගෙන හරි ඉවරයක් වුණා නම් ඉවරයි. ගන්න ඒවා ටික අරගෙන හරි

පසුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමි බැහැ දුටුවේය.

අනතුරුව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමි බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යයට අදහස් පළ කරමින් කියා සිටියේ, ගෝඨාභය මහතා ජනප්‍රිය වන විට අධිකරණය මඟින් හෝ නැවැත්වීමට උත්සහ දරන බවයි.

ගෝඨාභය මහතා තර්ජනයක් බව එජාපය මුල සිට දැන සිටි බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධ අවසන් වාර්තාව පිළිගත නොහැකි යැයි පැවසීම ගැන අදහස් දක්වමින් කියා සිටියේ, වාර්තාව සකස් කරන කණ්ඩායමේ යම් යම් චෝදනා ලැබුවන් සිටින බවයි.

එවැනි චෝදනා ඇති අය, එකතු වෙලා වාර්තාවක් හදන විට එය පක්ෂාග්‍රාහී බවද පැවසු විපක්ෂ නායකවරයා, තව ඉදිරියට යන විට නොයෙක් බොරු ප්‍රචාරය ඇති විය හැකි බවද කියා සිටියේය.

ඊයේ දිනයේ දී ප්‍රසිද්ධියේ තරුණයෙක්ට පහර දෙන අයුරු දුටු බවත් පැවසු ඒ මහතා, අපේක්ෂකයා ඒ දෙස බලා සිටින නමුත් නැවැත්වීමට කටයුතු නොකළ බවද පැවසීය.

මෙවැනි මැර දේශපාලනයක් තමන්ගේම පක්ෂය තුළින් හඳුන්වා දෙන බවත් කියා සිටි මහින්ද රාජපක්ෂ මහතා, සුනඛයෝ වගේ එන අය පිස්සු සුනඛයෝ වගේ වැඩ කිරීම සුදුසු නැති බවත් සඳහන් කළේය.

Sharing is caring!

One comment on “විශේෂ කාරක සභා වාර්තාව පක්ෂග්‍රාහීයි-මහින්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *