ලංකා නීතියෙන් ඉන්දීයානුවෙක්ට ජිවිතාන්තය දක්වා සිරදඬුවමක්

ඉන්දීය ජාතිකයෙකුට මීගමුව මහාධිකරණය මගින් ජිවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර තිබේ.

හෙරොයින් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු කරමින් එම දඬුවම නියම කර ඇති බවයි පොලීසිය පැවසුවේය.

2016 වසරේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී හෙරොයින් කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 04ක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් මීගමුව මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර නඩුවට අදාල තීන්දුව ඊයේ(22) ප්‍රකාශයට පත් කරමින් සැකකාර ඉන්දිය ජාතිකයාට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ බව පොලීසිය සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *