යුද හමුදා සෙබලෙක් සියදිවි නසා ගනී

වැලිකන්ද පොලිස් වසමේ මත්ද්‍රව්‍යවල ඇබ්බැහිවුවන් පුණුරුත්තාපන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරතව සිටි යුද හමුදා සෙබලෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

ඔහු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වෙයි.

ඊයේ(22) සවස 4.00පමණ මෙම සිදුවීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

වැලිකන්ද පොලීසිය පවසන්නේ මෙම යුද හමුදා සෙබලා ඔහුගේ ටී 56 වර්ගයේ රාජකාරී ගිනි අවියෙන් රාජකාරී මුරකුටිය තුලදීම පපු ප්‍රදේශයට වෙඩි තබාගෙන ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදි කිරිඉබ්බන්වැව, සෙවනගල ප්‍රදේශයේ පදිංචි පන්විලගම ඇතිගේ මුදුෂාන් ප්‍රේමකුමාර නැමති පුද්ගලයෙකි.

මිය ගිය හමුදා සෙබලාගේ මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *