යතුරු පැදිය ජීවිතයක් අහිමි කරයි

කුලියාපිටිය පොලිස් වසමේ කුලියාපිටිය කිරින්දව මාර්ගයේ කොන්ගහගෙදර ප්‍රදේශයේ දී කුලියාපිටිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත් ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී අනතුරක් සිදු වී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23ක් වූ කුලියාපිටිය ප්‍රදේශ්යේ පදිංචි තරුණයෙකි.

මෘත ශරීරය කුලියාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර කුලියාපිටිය පොලීසිය අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *