හෙරෝයින් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

පෑලියගොඩ පොලිස් වසමේ වනවාසළ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 51යි මිලි ග්‍රෑම් 10ක් සමඟ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකාරියක් හා ත්‍රිරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 23 ක් වූ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර සැකකරු වයස අවුරුදු 22ක් වූ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔවුන් අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

සිද්ධිය පිළිබඳ පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *