බහින්බස්වීමක් මරණයකින් කෙළවර වෙයි

වේයන්ගොඩ, කුඹල්ඔලුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

අද (20) අලුයම 1යි 45ට පමණ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වු බහින්බස්වීමක් අතර තුර මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය සදහන් කළේය.

එහිදි කැපුම් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දි ඉන් එක් අයෙකු මියගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ වේයන්ගොඩ, කොට්ටල ප්‍රදේශයේ පදිංචිව සිටි29 හැවිරිදි අයෙක්.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වේයන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *