ජංගම ගණිකා නිවාසයක් වටලයි

වැල්ලවත්ත පොලිස් වසමේ සිල්වා මාවත, ප්‍රදේශයේ අන්තර් ජාලයේ දැන්වීම් පළ කර මෝටර් රථයක් උපයෝගී කර ගනිමින් පැවැත් වු ජංගම ගණිකා සේවයක් පොලීසියෙන් වටලා තිබේ.

අද(18) අළුයම 12.10ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ගණිකා සේවය කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් එක් තායිලන්ත ජාතික සැකකාරියක් මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය වයස අවුරුදු 26 ක් හා 34 ක් යන වයස්වල පසුවන අතර සැකකරු නුගේගෝඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *