ඇවන්ගාඩ් සභාපති මහාධිකරණය හමුවට

අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔහු මීට ටික වේලාවකට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි නිශ්ශංක සේනාධිපති මහතා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේදී අද අළුයම අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇවන්ගාඩ් සමාගමට අදාල නඩුවක් සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *