කොච්චිකඩේ දී කාන්තාවක් ඝාතනය කර දැරියට බරපතළ තුවාල කළ සැකකරු අල්ලයි

කොච්චිකඩේ පොලිස් වසමේ ඇත්ගාල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීමට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 2019.10.09 වන වයස අවුරුදු 33 ක් වන රාමන්ගේ වත්ත, ඇත්ගාල, කටාන ලිපිනයේ පදිංචි සෙල්වරාජා නදීශා කුමාරි නැමති කාන්තාවට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර, තවත් වයස අවුරුදු 61 වන කාන්තාවකට හා වයස අවුරුදු 9 ක් වන දැරියකට බරපතළ තුවාල කළ අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

2019.10.13 වන දින සවස 5 ට පමණ මැල්ලවගෙදර හංදිය, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කොච්චිකඩේ පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 25 ක් වන කෝපිවත්ත, අම්බලයාය, කටාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී ඝාතනය සඳහා යොදා ගන්නා ලද යකඩ පට්ටමක් හා කොල්ලකන ලද ගෙල බැඳි රන් මාලයක් සහ අත් පලදනාවක් සොයා ගෙන ඇත.

සැකකරු ඊයේ(14) අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර 2019.10.24 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොච්චිකඩේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *