සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා දෙන බව පවසමින් මුදල් වංචා කළ අයෙක් මාට්ටු

රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු පිළිබඳ මතුගම පොලීසියට ලද පැමිණිලි 06ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බවට පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් තුන්ලක්ෂ අසු හයදහස් පන්සියයක මුදලක් සැකකරු වංචා කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *