දඩ මස් සමඟ අයෙක් පොලීසියට

වත්තේගම පොලිස් බල ප්‍රදේශයට අයත් මඩවලට ආසන්න ප්‍රදේශයේ නිවසක ශීතරණයක් තුල සඟවා තිබූ වැලි මුව මස් බවට සැක කරන මස් කිලෝ පහකට ආසන්න ප්‍රමාණයක් සමඟ එක් සැකකරුවකු වත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් අනුව අදාළ නිවසේ ශිතකරණයේ සඟවා තිබූ මෙම මස් තොගය සොයා ගෙන ඇත.

මෙම නිවස පිටුපස කැලෑබද ප්‍රදේශය තුල ගැවසෙන වන සතුන් ඝාතනය කර මෙලෙස මස් ගබඩා කර අලෙවි කිරීමේ මෙම සැකකරු යෙදී සිටින්නට ඇති බව පොලීසිය සැක කරයි.

වත්තේගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *