සේප්පුවක් පිටින් උස්සපු හොරෙක්

හික්කඩුව ප්‍රදේශයේ වෙළඳසැල දෙකකින් මුදල් සොරා ගත් පුද්ගලයෙකු හික්කඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

හික්කඩුව නගරයේ පිහිටි මස් වෙළඳසැලක් වෙත පසුගිය මස 22 දා පැමිණ මෙම සැකකරු රුපියල් 49000ක මුදලක් සොරා ගෙන ඇති බවද වාර්තා වෙයි.

අදාළ වෙළඳසැල් හිමිකරු විසින් පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි.

එමෙන්ම මෙම සැකකරු විසින් පසුගිය 07දා පීසා අවන්හලක් වෙත ගොස් එහි තිබූ කිලෝග්‍රෑම් 250ක් සේප්පුව සොරා ගෙන ගොස් තිබේ.

අදාළ සැකකරු සේප්පුව රැගෙන යන ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබූ ආක්ෂිත කැමරාවේද සටහන්ව තිබුණි.

මෙම වෙළඳසැලෙන් රුපියල් 196000ක මුදලක් සොරා ගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

ආක්ෂක කැමරා දර්ශන උපයෝගි කර ගනිමින් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හික්කඩුව පොලීසිය සමත්ව ඇත.

සිද්ධිව සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *