පොලිස් නිලධාරියෙක්ට අල්ලස් දුන් අයෙක් අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට අල්ලස් දීමට තැත්කල පුද්ගලයෙකු දඹුල්ලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(09) සවස 3 ට පමණ දඹුල්ල පොලිස් ස්ථානය තුළ දී උසාවි රාජකාරී කරනු ලබන පොලිස් නිලධාරියෙකුට මෙලෙස අල්ලස් ලබා දීමට තැත් කර ඇත.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන හෙරොයින් සම්බන්ධ නඩුවක් කඩිනමින් අවසන් කර ගැනීමට උදව් කරන ලෙස ඉල්ලමින් මෙම පුද්ලගයා රුපියල් 10,000 ක මුදලක් අල්ලස් මුදලක් ලෙස ලබ දීමට තැත් කර ඇත.

එම අවස්ථාවේ දී මොහු අත්අඩංගුවට පත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 41 ක් වු කැකිරාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද(10) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *