පූජිත්-හේමසිරි රක්ෂිත බන්ධනාගාර ගත කරන්න නියෝග

පාස්කු ඉරැදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනිමට කටයුතු නොකිරිම සම්බන්දයෙන් ඇප මත මුදාහැර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇපමත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබු නියෝගයක් අද(09) කොළඹ මහාධිකරණය විසින් ඉවත් කර තිබේ.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක තීන්දුව දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මෙම නියෝගය කළේය.

ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහා අධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය.

මෙම සැකකරුවන්ට ඇප ලබා දීමේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය තමන්ට නැති බලයක් නිර්මාණය කරගනිමින් නීතිය අභිබවා ගොස් ඇප නියෝගය ප්‍රකාශයට පත්කර ඇති බවද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිය තීන්දුවෙන් සඳහන් කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *