කටානේ ගැටුමකින් පුද්ගලයෙකු මරුට – කතකට තුවාල

කටාන පොලිස් වසමේ දිසාගේවත්ත, කටාන යන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට හා කාන්තාවකට සිව් දෙනෙකු පොලුවලින් පහර දී තිබේ.

ඊයේ(07) සවස 6 ට පමණ මෙම සිදුව ඇත.

එහිදී අදාළ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට දී මෙම පහර දීම සිදු කර තිබේ.

පොලුපහර හේතුවෙන් බරපතළ තත්ත්වයෙන් සිටි කාන්තාව හා පිරිමි පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී පිරිමි පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 52 ක් වු ශාන්ත ආනා මාවත, නැගෙනහිර, කළුවාරිප්පුව යන ලිපිනයේ පදිංචි සිංගප්පුලිගේ සුනිල් ශාන්ත යන අයෙකි.

මෙම පහර දීම පෞද්ගලික ආරවුලක් මත සිදුව ඇතැයි අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් සැකකරුවන් 3 ක් මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

තවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ‍ගැනීමට පරීක්ෂණ සිදු කරයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 36 ක් වු සිරි අබේපුර, කටාන ලිපිනයේ පදිංචිකරුවෙක්, වයස අවුරුදු 35 ක් වු දෙල්ගස් හංදිය, කටාන යන ලිපිනයේ පදිංචිකරුවෙක් හා වයස අවුරුදු 27 ක් වු ශාන්ත ආනා මාවත, නැගෙනහිර කළුවාරිප්පුව ලිපිනයේ පදිංචිකරුවන්ය.

මෘත ශරීරය මේ වන විට මීගමුව රෝහලේ තැන්පත් කර ඇත.

අද(08) දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.

වැඩිදුර පරීක්ෂණ කටාන පොලීසිය සිදුකරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *