බුලත්කොහුපිටිය අනතුරකින් අයෙකු මරුට

බුලත්කොහුපිටිය පොලිස් වසමේ, කන්ණිමලේ හංදියේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ(07) පස්වරු 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

තන්ණිමලේ හංදියේ සිට නෙවිස්මියර් දක්වා වූ අතුරු මාර්ගයේ යටිදැරිය ප්‍රදේශයේදී තන්ණිමලේ හංදියේ සිට නෙවිස්මියර් දෙසට ධාවනය වූ යතුරු පැදිකයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ යටිදැරියවත්ත, තන්ණිමලේ ලිපිනයේ පදිංචි ඇලැක්සැන්ඩර් රයන් ඩේවිට් නැමති 21 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සම්බන්ධයෙන් බුලත්කොහුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *