සිවාජිලිංගම්ට එරෙහිව විනය පරික්ෂණයක්

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාරදුන් දෙමළ. ජාතික සන්ධානයේ ටෙලෝ පක්ෂ සාමාජිකයෙකු වූ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ට එරෙහිව විනය පරික්ෂණයක් සිදු කිරිමට බලාපොරොත්තුවන බවට ටෙලෝ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් කියා සිටියි.

මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ එම්.කේ.සිවාජිලිංගම් මහතා විසින් ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් ඊයේ (06) දින ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් විමසිමේදීය.

එහිදී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා වැඩිදුරටත් කියා සිටියේ ටෙලෝ සංවිධානය පක්ෂයක් ලෙසින් මෙවර ජනාධිපතිවරණයට කිසිවෙකුත් ඉදිරිපත් නොවන බවට තීරණයක් ගත් අවස්ථාවක එම තීරණයන්ට එපිටින් ගොස් ජනාධිපතිවරණයට ඇපමුදල් තැන්පත් කිරිම පක්ෂයේ විනය කඩකිරිමක් බැවින් ඒ පිළිබඳව පරික්ෂණයක් සිදු කිරිමට නියමිත බවටත් එහිදී වැරදී කරුවෙකු වුවහොත් සිවාජිලිංගම් මහතා පක්ෂයෙන් නෙරපා දැමීමටද පියවර ගන්නා බවටයි.

තමන් පක්ෂයේ විනය කඩකිරීමක් සිදු නොකළ බවටත් තමන් පක්ෂය වෙනුවෙන් පෙනී නොසිට ස්වාධීන අපෙක්ෂකයෙකු ලෙසින් ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බවට සිවාජිලිංගම් මෙහිදි සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *