අවිස්සාවේල්ලේ රිය අනතුරින් තරුණයෙක් ජීවිතක්ෂයට

අවිස්සාවේල්ල පොලිස් වසමේ අවිස්සාවේල්ල හැටන් මාර්ගයේ සිදුවු රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

හැටන් සිට කොළඹ බලා ධාවනය වු ලංගම රථයක අවිස්සාවේල්ල දෙස සිට කරවනැල්ල දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරලී පසු පැදිකරු බස් රථයේ පිටුපස රෝදයට යට වී මෙම අනතුර සිදුව ඇත.

ඊයේ(06) සවස 2.45ට පමණ මෙය සිදුව ඇතැයි පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20 ක්වු කරවනැල්ල, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි නෙතනල් පැට්ට්‍රික් නැමැත්තෙකි.

මෘත ශරීරය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධවෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට පත්ව තිබේ.

අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *