හලාවත රිය අනතුරින් මිය ගිය පුද්ගලයා තවම හඳුනා ගෙන නෑ

හලාවත පොලිස් වසමේ හලාවත පුත්තලම මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

ඊයේ(06) රාත්‍රී 8.05 ට පමණ මෙම අනතුර සිදුව ඇත.

පුත්තලම මාර්ගයේ ජයබිම අඩවි වන කාර්යාලය ආසන්නයේ මාර්ගය හරහා ගමන් කළ පා පැදියක පුත්තලම දෙස සිට හලාවත දෙසට ධාවනය වු ලොරි රථයක් ගැටී පා පැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු බිමට වැටී ඇත.

පසුව එක් පුද්ගලයෙකු එම දෙසටම ගමන් කළ කාර් රථයකට ද ගැටී අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පා පැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා හලාවත රෝහලට ඇතුළත් කිරීමේ දී එක් පුද්ගලයෙක් මියගොස් තිබේ.

මෙසේ මිය ගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *